Skip to content

Lyrics

සිංහල
ජේසුනී ඔබට ආදරේ පව්කාරයා මං මා සිතේ මටම වද දෙනා පව්කාරයා මං ඔබෙ දෙසුම් අසන්නට ආසයි ඒ පණත් රකින්නට ආසයි ඔබ වාගෙ ඉන්නටත් ආසයි ඒ වුණාට බාධක බෝමයි ඒ වුණාට බාධක බෝමයි... ජේසුනී ඔබට ආදරේ පව්කාරයා මං මං සීල සමාදන් වෙනවා පාපෙට යළි යළි වැටෙනවා සතුරන්ට සමාවත් දෙනවා යළි ඔවුනට බැණ වදිනවා ඉඳහිටලා දන් දෙනවා දීලා අඬ බෙර ගහනවා දුක දහදිය හොරකම් කරනවා ඉන් පස්සෙ මම රජ වෙනවා ජේසුනී මා සිතේ මටම වද දෙනා පව් කාරයා මං ජේසුනී ඔබෙ දයාව අයදිනා පව් කාරයා මං

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs