Skip to content

Lyrics

සිංහල
මා ප්‍රිය සැමියා මරුමුව වැටුනා කිමද කලේ ඔබ මේ අපරාදේ යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා මේ ඔබ දෝසා මේ ඔබ දෝසා… ඔබ ප්‍රිය සැමියා මාව මරන්නට තැත් කල හින්දා තැත් කල හින්දා සිය පණ ගලවා ගන්නට මැරුවා නෑ මගෙ දෝසා නෑ මගෙ දෝසා… මට පෙම් කල ඒ මනමේ රජිඳා සටනට පොලඹා ගත්තේ ඔබනේ මා ගලවන්නට ගොස් මා හින්දා මරුමුව වැටුනා මරුමුව වැටුනා… සටනට මා පෙලඹූවේ ඔහුනේ දුටුවේ නැත්දෝ දුටුවේ නැත්දෝ කාගෙන් ඔබ ගලවන්නට වීදෝ නොදනිමි එබසා නොදනිමි එබසා… ඔබගෙන් මා ගලවන්නට නොවෙදෝ සටනට වැදුනේ සටනට වැදුනේ මනමේ රජිඳා මරුමුව වැටුනා ප්‍රේමය හින්දා ප්‍රේමය හින්දා… මාගෙන් කුමටා ඔබ රැකගන්නේ අනදර ඔබටා කි කල කෙලෙම්දෝ සටනට ගියෙ මා හට ගත් ඔබටා ප්‍රේමය හින්දා ප්‍රේමය හින්දා… අදහන්නට නම් හැකිදෝ කෙලෙසා ඔබ මේ කියනා රැවටිලි වදනා නැති වුනි මට දැන් අන් කිසි සරණා මෙතැනම මරණා වෙනු නම් නියතා… නොකියනු එලෙසා මා ප්‍රිය කුමරී මම වෙමි ඔබටා හැමදා සරණා හිමගිරි අරණේ ඔබ වේ රැජිනි වෙනු මැන මබිසෝ වෙනු මැන මබිසෝ… නැත අන් සරණා ඔබ හැර මෙමටා වනයේ විසුමා වෙන්නේ සැමදා වග වලසුන්ගෙන් උවදුරු වලකා රකිනුය ඔබ මා රකිනුය ඔබ මා… මා වැදි සෙනගා ඔබ රැක ගන්නා වග වලසුන්ගෙන් තොර වේ භවනා දිවි හිම් කොට පුදනෙම් ආදරිනා නැත කිසි බාධා විසුමට සැපෙනා…

More by Nishshanka Diddeniya

Thutu Kala Lewan (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

තුටු කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ රට තුළ සිරිත් අ...

Uththama Wan Lowa Pathala

Nishshanka Diddeniya

Sindu

උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන්...

Sasadara Mana Nanda (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

සසදර මන නන්ද බඳු වද මකුළින් ද යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද මත වර වරනින්...

Santha John Ge Weediye Kade

Nishshanka Diddeniya

Sindu

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මාළු වෙළඳම මාළු වෙළඳාම සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ... මාළු ක...

Sangraha Dan Kale

Nishshanka Diddeniya

Sindu

සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි අපේ පවත...

Premayen Mana Ranjitha We

Nishshanka Diddeniya

Sindu

[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වෙලි සැ...

View all songs by Nishshanka Diddeniya →

Similar Songs