Skip to content

Lyrics

සිංහල
සසදර මන නන්ද බඳු වද මකුළින් ද යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද මත වර වරනින් ද සසොබන මන නන්ද කත නුඹ ළඟ ඉන්ද නොලැබුනෙ පවකින් ද... කුන්ඩ මහන පොබකල මැති සඳුනි යසා අන්දකාරයට ඇවුලූ පහන ලෙසා නන්ද ම ගත දි‍ලුනත් රූපෙන් සතොසා නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා... පිණවන සිත් සුරතල් බස් දෙ‍න ලීලේ ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ පණ ගිය මුත් නොහරිමි ‍නුඹ වෙත ආලේ... ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ද‍ සාගරේ බැරිද පීනා ගොඩ යන්ද‍ මේ සැරේ දීපු දුක ඇත දැනගන්ද‍ ආදරේ මොකද ඔය හැටි ගැහැණුන්ද‍... වෙනසක් නොව අදරි‍න් එක පණ ලෙසින ලෙඩ දුක් දුරැර රැක ඉන්නට එක යහන ම ඇසක් සදිසි කුළු නැති පියො බඳෙ සොබන සැපතක් වෙන කුමට ලැබුනොත් එම පමණ... මල් පිපුණොත් සුවඳට බඹරුන් එනවා ගඟ තිබු‍ණොත් කවුරුත් දියවර බොනවා වැසි තිබුණොත් සරු නැති බිම් සරු වෙනවා රුව ති‍බුණොත් අපටත් සැම තුටු වෙනවා... නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම කණට ‍දුකයි නුඹෙ අම බස් නොඇසීම කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම...

More by Nishshanka Diddeniya

Thutu Kala Lewan (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

තුටු කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ රට තුළ සිරිත් අ...

Uththama Wan Lowa Pathala

Nishshanka Diddeniya

Sindu

උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන්...

Santha John Ge Weediye Kade

Nishshanka Diddeniya

Sindu

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මාළු වෙළඳම මාළු වෙළඳාම සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ... මාළු ක...

Sangraha Dan Kale

Nishshanka Diddeniya

Sindu

සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි අපේ පවත...

Premayen Mana Ranjitha We

Nishshanka Diddeniya

Sindu

[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වෙලි සැ...

Raja Isuru Natha (Maname)

Nishshanka Diddeniya

Sindu

රජ ඉසුරු නැත නැත මිණි කිරුළු ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු පට දුහුලින් වැසු සියු...

View all songs by Nishshanka Diddeniya →

Similar Songs