Skip to content

Lyrics

සිංහල
සඳ සාක්කි කියාපුදෙන් කියාපුදෙන් හිරු සහතික ලියාපුදෙන් ලියාපුදෙන් තරු දිව්රු පොරොන්දු නාමෙන් හිතුමතේට එහෙට මෙහෙට වැනෙන සිනා මල් *පැල් බැදගෙන හිනාවෙන්න මල් වයසට ගෙනත් දුන්න සුවඳ සිනා මල් * චණ්ඩිකමට රණ්ඩු කරන බන්ඩි ගොයම කලබලයට සිතිවිලි වක්කඩ කැඩෙද්දි හරි සෝදිසියෙන් බාල කියුම් ලාබ ලියුම් මල් වයසට දපනේ දාවි හිත පොඩිවී නාස්ති වෙයි හරි පරිස්සමින් Repeat * පුළුන් රොදක වෙස් අරගෙන පිහාටුවක පැටලීගෙන විරහ කඳුළු පාව ඒවි හරි සැහැල්ලුවෙන් නම්ය රිදුම් සොඳුරු සුසුම් මල් වයසට නීති දාවි සිනා කුසුම බිම වැටේවි ඒ අවසරයෙන් Repeat * Repeat *

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs