Skip to content

Lyrics

සිංහල
සමරු පොතේ පිටු ගැලවී සුළගෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා ඔබ සිහි වෙනවා සිහින මැවෙනවා සිහින මැවෙනවා ඔබ සිහි වෙනවා සමරු පොතේ පිටු ගැලවී සුළගෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා ගඟට ගොසින් දිය නාගෙන එනවා පේනවා වෙළට ගොහින් පළා නෙළන් එනව පේනවා මලට ගොහින් මල් අරගනෙ එනවා පේනවා එනවා පේනවා මැණිකා එනවා පේනවා එනවා පේනවා මැණිකා එනවා පේනවා සමරු පොතේ.... මා දැක්කම වැට අයිනට එනවා පේනවා මා එක්කල හිනාවෙනව වාගේ පේනවා නුරුස්සලා අමනාපෙන් යනවා පේනවා යනවා පේනවා මැණිකා යනවා පේනවා යනවා පේනවා මැණිකා යනවා පේනවා සමරු පොතේ.... සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා මාල වළලු දැම්මම තව රුවට පේනවා වට පිට කොපමණ හිටියත් කාට පේනවා හැඩට පේනවා මට නම් රුවට පේනවා රුවට පේනවා මට නම් හැඩට පේනවා සමරු පොතේ.... (සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා... )

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs