Skip to content

Lyrics

සිංහල
(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා නරියා ගහ මුල හිටියා බලන් කපුටව රවටන්නම් කේජු කෑල්ල කන්නම්..... ) මේ බලන්න මේ පක්ෂියා හරිම ලස්සනයි අත්තටු දෙක රිදියෙන් කළ කැටයමක් ලෙසයි රවුම් ඔළුව දෙනෙත මැණික් කැට දෙකක් වගෙයි කකුල් දෙකයි ලස්සන හොට රන් පරාද වෙයි ඔබගේ රූපය මේ තරමට ලස්සන නම් කටහඬ මිහිරියි කියාලා කිය යුතුද ඉතින් ලස්සන කටහඬ මට අහගන්න ලැබුණොතින් මේ ලොව එකම පින්වතා විය හැකි මං අනේ මෙන්න පින් ඇති ලස්සන පක්ෂියා ඔබේ මිහිරි හඬ ඇසුවොත් පින්වතයි එයා ඔය දිලිසෙන කට හැර එක වචනයක් කියා මා සනසනු මැන ආදරණිය මිත්‍රයා....... නරියා කපටි බව කපුටා දැන සිටියා හොටේ තිබෙන කේජු කෑල්ල අත්ත උඩ තියා කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා කීප විටක් නාද කෙරුවා කාක් කාක් කියා දෙන්න දෙයක් නැහැ මගේ වරුණාව කිව්වට පුරාණේ හිටි කාක්කෝ රැවටුණේ ඔව්වට ලැජ්ජා හිතිලා වගෙයි අනේ කරලා විහිළුවක් මං කොළඹ කාක්කෙක් නරියෝ කොළඹ කාක්කෙක්.......

More by Ms Fernando

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Samahara Tharuna Tharuniyanta

Ms Fernando

Sindu

ඔබගෙ අම්මද...... නැත්නම්, ඔබගෙ බිරිඳද.. ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද...? ගෑණු අපිට...

Saiman Aiyai Martin Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අද...

View all songs by Ms Fernando →

Similar Songs