Skip to content

Lyrics

සිංහල
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු සිනාවේ කුමුදු සිනාවේ මේ පොකුණු තලාවේ මේ කුමුදු සිනාවේ පොකුණු තලාවේ මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දිය ගා නළලෙ උලා රන්වන් කැළුම් නංවලා රන්වන් කැළුම් නංවලා මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දිය ගා නළලෙ උලා බඳ වටලා සළු පටලා බඳ වටලා සළු පටලා ඔබ දකින දකින දිනක මහද .../ පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ සඳ බැබලේ රැඳිලා වත මඩලේ නිල් තරු දෑසෙ හැංගිලා නිල් තරු දෑසෙ හැංගිලා ඔබ නැති දා ලොව නැත මා ඔබ නැති දා ලොව නැත මා ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ ඔබ දකින දකින දිනක මහද .../

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs