Skip to content

Lyrics

සිංහල
(මැණිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා... ) කොච්චර ආදරේ කෙරුවත් මා ගැන අවිස්වාස වෙනවා.... ඉවසලා ඉවසලා අන්තිමේදී මට හරි කේන්ති යනවා... ගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිට වෙනවා.... මින් පසු එන්නෑ කියලා ගියත් මම ආයේ ගෙදර එනවා.... (මැණිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා... ) වීලා බොහෝම දුක් වීලා ඈ අඬාවි කඳුළු පෙරාලා හැමදාමත්ම මෙහෙම සිතාලා කොහොම ඉන්නද මම ඉවසලා මම යනවා යන්න ඈ දාලා මගෙ ඉවසුම මට නැති වීලා ඈ ඇවිදින් මාව සොයාලා එක්කන් යයි හඬා වැලපීලා... මැණිකේ මම... රෝස මලක් වගෙ ඇගේ මුහුණේ පෙම්බර පෙනුමයි මට ඕනේ.... තව ලස්සන මල් හමුවන්නේ රෝස මලයි මගෙ හිත ගන්නේ.... වෙන මලක් සොයා මම යන් නෑ මේ මල වෙන කාටත් දෙන් නෑ විපතක් කිසි දවසක වෙන් නෑ මගෙ ආදරේ ඈ හදුනන් නෑ..... මැණිකේ මම....

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs