Skip to content

Lyrics

සිංහල
මාලේ සදාගෙන ඕලු මලෙන් ගෙලේ දමාගෙන රුවට රුවෙන් මැණිකා එනවිට නියර උඩින් (නිල්වන් ගොයමේ කරල් පැසෙන්... ) කවදද කටු මැටි පැළක් තනන්නේ කවදද අටුකොටු පුරවා ගන්නේ (කවදද රන් වන් කරල් කැපෙන්නේ... ) (එදාට මැණිකව පැලට ගෙනෙන්නේ... ) මාලේ සදාගෙන ඕලු මලෙන්...... දහවලේ ඇඹුලත් ඇයයි ගෙනෙන්නේ එය ඇගෙ දැතීන් පිළියෙළ වෙන්නේ (කවදද මගෙ පැළේ බතක් පිසෙන්නේ... ) (එදාට මැණිකා පැළේ සිටින්නේ... ) මාලේ සදාගෙන ඕලු මලෙන්...... ඈ මා හැර වෙන කෙනෙක් පතන් නෑ මම මගෙ වචනය වෙනස් කරන්නෑ (නිල්වන් ගොයමට මෙය තේරෙන්නෑ... ) (හනිකට හනිකට කරල් පැසෙන් නෑ... ) මාලේ සදාගෙන ඕලු මලෙන්...... (නිල්වන් ගොයමේ කරල් පැසෙන්... /)

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs