Skip to content

Lyrics

සිංහල
කොවුලා වගේ ........ කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං වවුලා වගේ රැ තිස්සේ නිදි මැරුවේ මං හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං පවුල බනී ලේට් වුනොත් ගිහිං එන්නද මං මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං බෝතලේ ඇරපු ගමන් චියර් කෙරුවෙ මං රෑ දාවල් ගත වුනාට සැලකුවේ නැහැ මං දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං කොවුලා වගේ ......../ ජොබ් එක සංස්ථාවේ ඩෝන්ට් කෙයාර් මං නිවාඩු නැත්නම් මෙඩිකල් දාපු එකා මං ඕවර් ටයිම් කිසිම දාක කරලම නැහැ මං දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං කොවුලා වගේ ......../ නියින් තර්ටි ‍ෂෝ එකම බලපු එකා මං ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං සීන් එකේ කොහෙ බැලුවත් පෙනුන එකා මං දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං කොවුලා වගේ ......../

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs