Skip to content

Lyrics

සිංහල
සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා එකට එක් වී එකට නා බී එකට සැතපීලා උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ සිනාවෙන් හෝ ....... තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා ඔහුගේ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා සැප විදී රෑ රෑ පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ සිනාවෙන් හෝ .... යුක්ති ධර්මේ ජය ගනීවී දිලෙන ලෙස දිනිදා නැත්ත නැතිවේ ඇත්ත හෙළි වේ යම් දිනෙක මතු දා ඔහු එදා පිහිටවත් නොලැබේ ඔහුගේ සෙවනැල්ලේ

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs