Skip to content

Lyrics

සිංහල
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි..... ඔබේ රාගී මන කැලඹේදෝ ඕ ඕ ඕ ඕ.... ක්ලේශයෝ ගයේ නෑවේදෝ ඕ ඕ ඕ ඕ.... ඔබේ රාගී මන කැලඹේදෝ පිවිතුරු හදවත පෑරේදෝ (එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි.... ) බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි..... මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂයා පෝෂිත වී හිංසා පීඩා දේවිදෝ මිනිසා තිරිසන් වේවිදෝ...... ඝෝර විසැති නයි පොළොඟුන් වන් මිනිසුන් මිතුරු වෙසින් එයි නම් (එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි.... ) බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි..... දුක්බරිනි මිරිකියාදෝ සත්‍යය ලෝකේ වැනසී යාදෝ නිර්මල පිවිතුරු චරිත ඔබේ පවිටෙන් බොරුවෙන් කෙලසාදෝ අගතිය යුක්ති මාරුතයේ ප්‍රාණ ඔබේ දෙදරා යාදෝ (එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි.... ) බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි..... කාට කියමි මගේ ශෝක අඳෝණා ලෝකේ තනිවුනු මේ ලොවේ මිනිසා හදෙහි නිර්දයා සංදා නිර්දය බාවය ලෝ රජ වී දයා ගුණේ වී අන්තර්දාන් මෝහෙන් මත් වීලා මිනිසා ආගම හා ධර්මේ කෙලසා සත්‍ය බලේ බිඳ වලලාදෝ ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ (එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි.... ) බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි..... බුද්ධ සරණං ගච්ඡාමි ප්‍රේමය ලෝකේ යාද නැසි වෛර ගිනි ඇවිලේද දැවී මාතා ස්නේහේ පායා ඇති තම පුතු අසිපත පාවිදෝ ධරණිතල කම්පාවේදෝ ගගණෝදර ගුගුරා යාදෝ (එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි.... ) ලෝක පියා සිංඳේ ලොව ජනගේ ව්‍යාකුල සිත්හි අන්ධකාරේ විසිරි සෞම්‍ය කිරණ ලෝනාගේ ඒකාලෝකේ විය ලෝකේ අමා ශාන්තියේ සෙවනැල්ලේ ජන මන නැහැවූ ප්‍රේම ජලේ මර සටනින් අපරාජිත වූ සුර නර පුද ලැබ පුජිත යේ ලෝක ශිවන්කර මා හිමිගේ ධර්මේ දස දෙස පැතිරේවා සැම දන තුඩ තුඩ රැව් දේවා බුද්ධං සරණං ගච්චාමි .....!!!! බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි.....

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs