Skip to content

Lyrics

සිංහල
මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි මල් සුගන්දේ .... රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ මල් සුගන්දේ .... මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs