Skip to content

Lyrics

සිංහල
වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ කවදා හෝ නුඹ වියපත් වූ දා පියා කොහේදැයි මවගෙන් අසනු එපා මමත් පියෙකි පුත නුඹ වැනි දරුවකුගේ මටත් දැනේ ඔය පොඩිසිත දැවෙන රඟේ බලා ඉඳිමි මා නුඹ නළවන්නට පොඩි හිස අතගා සුරතල් පුතේ කියා පියෙක් ඉඳියි පුත උඹටත් කොතැනක හෝ පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ සිනාසියන් පුත කිරි දත් පෙන්නා මා අමතන විට සුරතල් පුතේ කියා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs