Skip to content

Lyrics

සිංහල
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ ගියතැනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා කැලේ පැන්න මං වගේම බාල සන්දියේ දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ අඹ දඔ නාරං ගස් යට කජු පුහුලන් මොර ගස් යට අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා පුංචි පුතා එන්න කලින් උන් හිටතැන් නැතිවුනදා ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා ඇළේ වතුර නිල් කැටේට දණ්ඩි කොරලි යන වටේට කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා පුංචි පුතා එන්න කලින් කළු දිය දහරා හැළිලා ඇළට පාර අමතක වී මං මුලා වෙලා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs