Skip to content

Lyrics

සිංහල
ඔබ දේදුන්න ආකාසයේ අන්දා තබා යන තෙක් විත් බලා එය සේදෙන්න වැහි මේකුලේ සැංගී හඹා එමි කඳුලැල් සලා ඔබ දේදුන්න ආකාසයේ සුළ‍ඟේ නළවා පෙර සේ එනවා ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී ගලා ඔබ දේදුන්න ආකාසයේ... ගගනේ පියඹා කැදලි නොඅඹා ඔබ ආ ගිය දා සිට මා ඉන්නේ උමතු වෙලා ඔබ දේදුන්න ආකාසයේ... ඔබ මල් විලකි මා එහි මලකි සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා ඔබ දේදුන්න ආකාසයේ...

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs