Skip to content

Lyrics

සිංහල
උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳලන්න එපා ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා වැදූ මවයි මිහිකතයි සමයි සිතාපන්නේ... පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ... ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳලන්න එපා ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා අහස් උසට වැඩෙනා ගසක් බලාපන්නනේ මවක් ලෙසට කරුණා ගුනේ පතුරුවන්නේ පොරෝ තලේ ට්‍රැක්ටරේ යොමා බිම හෙලන්නේ මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳලන්න එපා ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs