Skip to content

Lyrics

සිංහල
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා... කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs