Skip to content

Lyrics

සිංහල
සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා සතුටු සිනා ලෙස මා මුව සිනහ මවනවා කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා... (ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා... ) ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා... (ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා... ) පහනක් ලෙස අඳුරේ මා හා ඇවිදිනවා තණ්හා උණුහුම හිත තුළ නිවලා යනවා සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා.... (ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා... )

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs