Skip to content

Lyrics

සිංහල
තනිවෙලා ඉන්න මට කියාදෙන්න යළි හමුනොවෙනා නිසා දුක දරාගන්න මට කියාදෙන්න යළි හමුනොවෙනා නිසා දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා....... මාගේ සිහිනේ රෑ පුරා ඔබ දෙනෙතේ රැව මැවිලා නෙත නිදි නෑ රූ සොයලා දෑසේ පැටලී රෑ දිවා නුඹ සිටිනා විට බැඳිලා දුක කීවා මුව කොඳුරා දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා....... කාලේ ගෙවිලා මා දවා දුක දැනුනා හිත රිදිලා පෙර ආ ගිය තැන් මැවිලා ආයේ කිසිදා මා සොයා ඔබ නොඑනා බව දැනිලා ඉකි බින්දා දුක සඟවා දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා....... තනිවෙලා ඉන්න......

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs