Skip to content

Lyrics

සිංහල
(තුන් ලෝ බුදුන් වැනි අම්මා වඳිමුව දෝත මුදුන් නමිමා)... හෝ..හෝ..හෝ... බෝසතාණෝ මහා චන්ඩ මුහුදේ නැව් නැගීලා ගියේ ඒ පුරාණේ නැව් බිඳී රෑක මහ බෝසතාණෝ හෝ..මවි කරේ නංවා පිහිනා ගියානේ පව් නෑ සිරස පොලෝ රන්දා මව්ගේ පාද කමල් වැන්දා (තුන්ලෝ බුදුන් වැනි අම්මා වඳිමුව දෝත මුදුන් නම්මා).. හෝ..හෝ...හෝ.. වංකගිරියෙ එදා මන්ත්‍රී දේවි දූ පුතා කොයිදෝ සොයමින් හඬාවී එදරැ දන් දුන්න තවුසා කියාවි හෝ සාධු සාධු කියා ඈ පුදාවී මෛත්‍රී බුදුන් නැමද නිමිමා සසරේ නිවන් දකින් අම්මා (තුන්ලෝ බුදුන් වැනි අම්මා වඳිමුව දෝත මුදුන් නම්මා)..

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs