Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: අභිරහස (1971) ගැ - (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ).. පි - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ ගැ - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ ගැ - පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී යළි උන් ඉගිලෙනවා පි - පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉගිලෙනවා... ගැ - තනිවූ කතරක මා ඉන්නේ කෙලෙස ද පිය මැන පිටවන්නේ (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ).. ගැ - හදවත විල් දිය චංචල වේ ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ පි - හදවත විල් දිය චංචල වේ ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ... ගැ - සැතපෙන කල දුටු නිදි යහනේ එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ)..

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs