Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: අනූපමා (1978) සිහින විලේ නිලුපුලී පැතුම් ජලාසයේ ඔබ කා නමින්ද පිපුනේ මල් මානවිකාවී කැකුළු වියේ බිලිදුනි සුපෙම් උදානයේ ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා ඔබද මගේ පහන් තරුව කොහේ සිටද ආවේ පායා ගිමන නිවන අරුණ සොයා ආවෙමි දුර සසර සැරි සරා දැහැන බිඳින රුවැති කැකුල ඔබද මගේ පාළු මාවතේ දෙහද පතන සෙවන සොයා ඈතට යමු සිහින මාරුතේ සිහින විලේ නිලුපුලී පැතුම් ජලාසයේ ඔබ කා නමින්ද පිපුනේ මල් මානවිකාවී කැකුළු වියේ බිලිදුනි සුපෙම් උදානයේ ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs