Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: නැවත හමුවෙමු (1982) සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුවේ - මත් බිඟු සේනා රොන් රස ඉල්ලා මල් හැඟුම් සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා මග එළි මවනා - තරුකැන් ඔබවේ තනිවූ කතර ඉමේ ගීතිකා එවන් ලොවේ - මා නමින් අදත් ඇසේ බිඟු නද පාවේ - ඔය හඬ වාගේ සවනේ රැව්දේ සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ සිහිලැල් පවනේ - ගී හඬ විසිරී මතකය ඈත රැඳේ මා හදේ හිරුත් ඔබයි - මා හදේ සඳුත් ඔබයි දෙවියන් ඔබවේ - පුදදෙම් සැමදා මහද ප්‍රණාමේ සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුවේ - මත් බිඟු සේනා රොන් රස ඉල්ලා මල් හැඟුම් සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා ඒ හෙ හේ හේ... ඕ හො හෝ හෝ... ආ හ හා හා...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs