Skip to content

Lyrics

සිංහල
මිනිසා කුසීත කම්මැලි - වැටී පරාද වී යනවා ගින්නෙ දැවෙනා දර වාගේ - අළු විලා නැති වෙනවා... ශෝභාව හංගා මේ ලෝ තලේ ආලෝකයෙන් මා ඇයි වෙන් කළේ.. අනුකම්පා නැතී දෛවේ හිනාවේ... පෙරදා පෑවු ඉරු නැග බැසලා - එළි වෙනවාදෝ රෑ වෙනවාදෝ වෙනදා විලසින් දඟ සමනලයින් - මල් පැණි බීලා ඉගිලෙනවාදෝ එදා මෙන් වළකුල් අහසේ - තාමත් නැගේදෝ අතවැල අරගෙන සිත් බැඳියන් - ලොවනෙත් කලු තැන් වල හැසිරෙනවා දෝ ඇස්‌ ඇති මිනිසුන් ලස්‌සන දේවල් දැක දැක හිනැහී සැනසෙනවාදෝ මෙදා අන්ධ නෙත් දෙක මාගේ - කවදා පෙනේදෝ... තුඩගෙහි තුඬඟා සුමියුරු රස බී - අරුමැසි සිතුවිලි පවසනවාදෝ මා හද තෙරපෙන - ආදර හැඟුමන් සුපෙම්වතුන් තුළ පවතීදෝ මගේ අරුම ආදර සිහිනෙන් තමා දිවි රැකෙන්නේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs