Skip to content

Lyrics

සිංහල
සීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා තුරු ලිය පිරිලා වන මල් පිපිලා හිත අලවයි ඇස නලවයි තුන් සරණේ කවි කියලා ධර්මරාජ ගල නැගලා ගෙත්තම්පානේ ගෙත්තම් කරලා මහ ගිරිදඹ පසු කරලා යං යං යං හනිකට යං සුමන සමන් දෙවි පිහිට ලබන් මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ සමන්ත කූඨ රජාගේ කමණීයයි රමණීයයි සීත සුනිල් දිය දහරා.. නව ජීවය දුන් මිහිරී පිය කෝමල ලාලන කුමරී මාගේ ලෝකය වෙයි ආලෝකය බලනා කල ඔබ හිනැහී රන් කඳ පෙම් පෙර පිනකින් ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං තිසරණ සරණින් දෙවි රැකවරණින් ජීවනයේ සැප පෑදී සිත සැනසෙයි පින පලදෙයි සීත සුනිල් දිය දහරා..

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs