Skip to content

Lyrics

සිංහල
රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් පායන්නයි ජීවිතේ නදුන් උයනේ සැනසෙන්න මල් හැඟුම් සුභ දවසක් වේවා සුභ දවසක් වේවා සුභ දවසක් වේවා සම්පත් පෑදේවා නීල මල් කැලුම් තරු පොකුණේ නෙත් පිනා නගන්නේ සෝක දුක් තැවුල් සංකාවෝ සුළඟ සේ ඇදෙන්නේ උදාසනින් මලක් වගේ පිපේ පැතුම් ලෝකයේ මීදුමක් මැදින් අරුණෝදේ සීතලේ වෙලී ඉරු විහිදේ කාලයේ සිතුම් අතරේ සැනසෙන්න ඔනෑ තරම් සුභ දවසක් වේවා සුභ දවසක් වේවා සුභ දවසක් වේවා සම්පත් පෑදේවා සිහිනයක් ලෙසින් රෑ එළියේ සතුට එයි සොයාලා කාලයක් ළගින් ඉද සැනසේ නෑසු ගී කියාලා සිතු සැනෙන් නොදන්වමින් පියාඹති ආ සැනෙන් කුමටදෝ දුකින් ලතවෙන්නේ එළිය අඳුරෙනුයි හමුවන්නේ කාලයේ සිතුම් අතරෙන් සැනසිල්ල ඒ හිනැහෙමින් සුභ දවසක් වේවා සුභ දවසක් වේවා සුභ දවසක් වේවා සම්පත් පෑදේවා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs