Skip to content

Lyrics

සිංහල
රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම් දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ ලොවක හිරුඑළිය සඳ පහන දැකගන්න හෝ උරුම පින් මහිම නැති මාවගේ අන්ධයෝ කිමද නෙතු දිලෙන අගනුන්ට බැන්දේ සෙනේ ඔබ නොවෙයි ළදුනි මා අතිනි වරදක් උනේ ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිදී රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ තේජ අසමාන බලධාරි දෙවියන් පවා දෑස නැතිවුන් රකින්නේද සැනසුම් දෙවා දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ ළදුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිදී රත්තරන් පෙම්..

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs