Skip to content

Lyrics

සිංහල
රන් මසු රන් ගිරි ගරුඩ තලාවක සැලෙන හදින් ඔබ අමතන්නේ පා යුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා.. ආවා සොයා... ආවා සොයා ආදරේ දෙසුවන් වැසුවද දෙනුවන් වැසුවද ඔබෙ හඩ ඔබේ රුව මට සිහි වේ හැනැහී ආකාසේ දිනිදා නැගෙනා සේ ආවා සොයා.. ආවා සොයා... ආවා සොයා ආදරේ ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනෙයි කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි මා ළයේ කුළුඳුලේ අනන්ත හැගුම් මැවේ රන්මසු රන් ගිරි .... කල්ප ගණන් එකතුව උන් සේ නිරතුරු මට වැටහෙයි අල්පයකුදු ඔබ ළඟ නැතිනම් කල්පය ලෙස තේරෙයි ජීවිතේ මිහිරි බැව් හැගෙන්නේ ඔබෙන් තමා රන්මසු රන් ගිරි .....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs