Skip to content

Lyrics

සිංහල
පුංචි දෝණි තරහා වෙලා පුංචි දෑසේ කඳුළු සලා රනින් මාල ගේනවා කියා තාත්තා දුව රවටලා පුංචි දෝණි තරහා වෙලා පුංචි දෑසේ කඳුළු සලා ගල් ලෑලී ගල් කූරු නෑනේ දූට ඉස්කෝලේ ගුටි කන්න වේදෝ සුදු ගවුම ඉරිලා ගියාදෝ යාළුවෝ ඈට ඔච්චම් කළාදෝ ඉවසන්න මා පුංචි දෝණි නුඹ හින්දානේ මා දුක් විඳින්නේ පුංචි දෝණි.... ලොතරැයිය තව කවුද ගන්නේ ලක්ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ නුඹ මාලිගාවේ තබන්නේ එය දැක ගන්න මට පින් ලැබේදෝ ඉටුවේවිදෝ පැතුම මාගේ සාප නොකරන්න තාත්තාට දූගේ පුංචි දෝණි තරහා වෙලා පුංචි දෑසේ කඳුළු සලා රනින් මාල ගේනවා කියා තාත්තා දුව රවටලා (පුංචි දෝණි තරහා වෙලා පුංචි දෑසේ කඳුළු සලා... /)

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs