Skip to content

Lyrics

සිංහල
(ඔන්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා... ) මලක් වගේ ඔබ තියලා රං ඔන්චිල්ලේ රුකුල් දෙමින් පදින්නකෝ මා සියුමැල්ලේ වටින් පිටින් සිහිල් සුළං හමා ඇදෙන්නේ ඔබෙයි මගෙයි කතන්දරේ තමා කියන්නේ කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී මගේ කිරිල්ලී මගේ කිරිල්ලී මගේ කිරිල්ලී මගේ කිරිල්ලී (ඔන්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා... ) වළාකුළු වගේ දුහුල් සළු කොහෙන්දෝ රුවන් රිදී මිණිමුතු කෙසේ ගෙනෙම්දෝ කසුන් විමන් පුළුන් යහන් කොහෙන් සොයම්දෝ නමුත් පරවි කුමාරි මා සතු නොවේදෝ කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී මගේ කිරිල්ලී මගේ කිරිල්ලී මගේ කිරිල්ලී මගේ කිරිල්ලී (ඔන්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා... )

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs