Skip to content

Lyrics

සිංහල
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක් ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක් බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක් මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs