Skip to content

Lyrics

සිංහල
මලින් පිරී ගිය විසල් වනේ පියා සලා යන කුරුල්ලනේ මගේ ප්‍රියාදරි සොයා ගිහින් හිතේ තියෙන දුක කියව් අනේ ඇය දැක ගන්නට පිබිදුණු නෙත් යුග රෑ යාමෙන් නැහැ පියවෙන්නේ සිසිල තුරුළු කර එනමුදු මද නළ ඇයගේ සුවඳයි ගෙන එන්නේ මලින් පිරී ගිය විසල්.... කරල් කපන කල දර අහුලන කල දිය ගෙන එන කල බඩවැටියේ පියුමේ හිරවුනු බඹරෙකු විලසට මා ඇය ලඟ තනියට හිටියේ මලින් පිරී ගිය විසල්.... බෙලි මල් අරගෙන පෝ දින පන්සල් ගිය හැටි මට දැන් සිහිවෙනවා අද ඔබ තැනකය මා තව තැනකය මගෙ හදවත දැන් වැලපෙනවා මලින් පිරී ගිය විසල්....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs