Skip to content

Lyrics

සිංහල
මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමු වේවි කියා පෙරුම් පුරා මඟ බලා උනිමි මම ඇයි තව නාවේ දයා උදේ රැයින් සිසිල අරන් මලින් මලට රොන් බඹරු ගියා මගේ පැතුම් හදේ සිතුම් එදා සුසුම් වී සිඳිලා ගියා හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය ආදර ලොව අප බිඳිලා ගියා මල් පිබිදෙන.../ ඔබේ සිනා නෙතින් ගෙනා මගේ හදේ තුරුලට ගනිමි මගේ ලොවේ සැදු සුවේ සසර වසන තුරු මම රකිමි හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය ආදර ලොව අප බිඳිලා ගියා මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමු වේවි කියා පෙරුම් පුරා මඟ බලා උනිමි මම ඇයි තව නාවේ දයා ඇයි තව නාවේ දයා ඇයි තව නාවේ දයා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs