Skip to content

Lyrics

සිංහල
මා පෙර සසරේ පැතූ පැතුම් මා පෙර සසරේ සිතූ සිතුම් මා මතු සසරේ උපදිනවානම් ඔබ මතු හමුවිය යුතුයි කියා පෙර දවසක මා මලක් පුදා පෙර දවසක පහනක් දල්වා දන්නවාද කල ප්‍රාර්ථනා ඔබ මට හමුවිය යුතුයි කියා නිහඩ රැයක මගේ පැලේ තනිවී සිතුවිලි යහනේ නොනිදා සැතපී සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට ඔබට කලෙමි ආයාචනා එවන් රැයේ මගෙ පැලේ තනිවී ඔබ ගැන සිතමින් නොනිදා සිටිමී හැබැහින් ඇවිදින් මා හමුවන්නට ඔබට කලෙමි ආරාධනා මා පෙර සසරේ .... පෙර දවසක මා .... මලක් කඩා මා දෝතට දුන්නා ඒ මල පුදාලා මොනවද පැතුවේ මේ සසරේ මෙන් මතු සසරේදිත් ඔබ මට හමුවිය යුතුයි කියා මා පෙර සසරේ .... පෙර දවසක මා ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs