Skip to content

Lyrics

සිංහල
කොහා ගැයූ ගී ඇසේ සුමිහිරි අවුරුද්දේ සද්දේ ඒවි ගම් පැත්තේ සිංහලයේ ප්‍රීති ගේන මංගල්ලේ...... කොහා ගැයූ ගී...... මල් පීදීලා කෙත් වීදිලා.... ඇළ දොළ පිරිලා කෙත් සරු වෙලා සාමය වඩාලා එකමුතු වෙලා තෙරුවන් පීදුවා ආලෙන්...... කොහා ගැයූ ගී....... කිරිබත් උයා කැවුමුත් සදා.... අතිරස කොකිස් කිවිලි හදා ඔංචිලි බැඳිලා වාරම් කියා සෙල්ලම් විනෝද කාලේ....... කොහා ගැයූ ගී....... කවි ගී ගයා රබනුත් ගසා..... රතිඤ්ඤා හඬයි මේ හැමතැන් පුරා මිහිරක් දැනේවි හැම සිත් පුරා සැණකෙළි විනෝද කාලේ...... කොහා ගැයූ ගී......

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs