Skip to content

Lyrics

සිංහල
ජීවිතයේ කාන්තාරේ තුරුණු වියලි වැල්ලේ උතුරා ගලා යයි ආදරේ මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ (දුටුවා ගලා එන ආදරේ).. (සුරංගනා කතා පොතේ කතා ලෙසේ මිනිස් ලොවේ සුරංගනා ලොවක් ඇතේ).. (කටු ඇත මල් නටු මතේ ලප නැති දෝ සඳ වතේ).. ගජමුතු කැට උපදින්නෙත් වනපෙතේ මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ (දුටුවා ගලා එන ආදරේ).. (කඳුයි හිමයි හිමින් සැරේ බැඳී බැඳී මවයි නොයෙක් සිතුම් ඇලුම් කියා දිදී).. (සීතල නලරැල් දිගේ පායන හිරු සඳු නැගේ).. දෑතක් හා දෑතක් බන්දා ජීවිතයේ කාන්තාරේ... (උදා නොවූ උදෑසනක් උපද්දවා දිවා රැයේ අලුත් හැඟුම් ගෙනත් දෙවා).. (ඔබෙ මෘදු පිවිතුරු හිතේ මට හෙට දවසක් ඇතේ).. නෙත පියවෙන තුරු ඔබටයි ජීවිතේ මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ දුටුවා ගලා එන ආදරේ ජීවිතයේ කාන්තාරේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs