Skip to content

Lyrics

සිංහල
(ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා... ) යහතින් වාස වී දෑස සේ මා ලං වී මන්දාකිණියේ මදහාස සේ නංවා පබා කැන් සදා ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා... ගිම්හානෙ මෙන් සීතේ සන්සුන් සලසා සදා කල් පුදාලා සම්බෝග සම්පත් අරණේ පුරා මල් පෙම්වන්ත ළන්ඳුන්ට මල් හී වැදී මල් සරාගේ හෝ හෝ.. ලංවේවා සුභ යෝග මුදුවේ බැඳී පුෂ්ප රාගේ හා හා.. යහතින් වාස වී දෑස සේ මා ලං වී ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා (පැටලෙන්නෙ සුළඟිල්ලේ සියුමැල්ල විටදී සිතු සේ ගෙනයන්න සැනසිල්ලේ රනුහිල්ලෙ වෙතටයි පැතූ සේ... ) හා හා හා.. හර්දේ පුජාසනේ සිහිනයේ දෙව් රැජිනේ (ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා... ) යහතින් වාස වී දෑස සේ මා ලං වී මන්දාකිණියේ මදහාස සේ නංවා පබා කැන් සදා ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සිහින එළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs