Skip to content

Lyrics

සිංහල
(තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර)... ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා (කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)... (පැණි මොර මල් පිපුණු රෑට කජු පුහුලන් ඉදුණු දාට)... පුංචි අපේ සිත් තුල සතුටක් මතුවෙන්නා එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා (කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)... (කුන්ඩු පැනලා නැටුවෙත් අපි වච්චි කියල දිව්වෙත් අපි)... හරිම වැඩේ අද ළමයින් ඒවා නොදන්නා වෛවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා (කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)... (තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර)... ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා (කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs