Skip to content

Lyrics

සිංහල
(රෝස මලෙක කටු ඇණුනා හද පතුලෙන් ලේ ගැලුවා මල් පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා... ) (රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැවු නැගුනේ... ) (රෝස මලෙක කටු ඇණුනා නෙතගින් කඳුලක් වැටුනා... ) මල් පෙති මත එය රැඳුනා පිණි බිඳුවක් වි දුලුනා (රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැවු නැගුනේ... ) (හිරු අවරට ගොස් ගිලුනා රෝස මලේ පෙති හැලුනා... ) හදවත ඉකිබිඳ හැඬුවා මල මත පරවී වැටුනා (රෝස මලට නෑ දැනුනේ හදවත පෙම් කල අරුමේ... )

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs