Skip to content

Lyrics

සිංහල
නොකී රහසක් මතකයේ හිඳ දැවෙනවා ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා රැයේ ඝනදුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා මං ආදරෙයි... මං ආදරෙයි උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා පැතුම් වෙරළට සිතුම් රලපෙල ඇදෙනවා සිතග කැලඹිලි නගනවා හැඟෙනවා නිදන නින්දද මුදා හරිමින් අවදිකොට මා තබනවා තබනවා මං ආදරෙයි... මං ආදරෙයි උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා දකිනු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා මවනවා මං ආදරෙයි... මං ආදරෙයි උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා ඔබේ සිත මා සොයනවා සොයනවා

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs