Skip to content

Lyrics

සිංහල
ලඳු ඕවිටි කරල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා අලුත් පාර හැදෙනවා... හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා පොලොව දැවී අපේ පයට සිහිල සදනවා දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා... ලඳු ඕවිටි... අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා මැති උතුමන් නමින් පාරේ කඩුලු ඇරෙනවා පාර අයිනේ අපි හැමදා බලා ඉන්නවා...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs