Skip to content

Lyrics

සිංහල
කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට (තල්ලු කරන් පුතුනේ)... කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට (තල්ලු කරන් පුතුනේ)... කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ පමා උනොත් අප මහමඟ තනිවේ අම්මා මඟ ඇති නෙත් හරවාගෙන (තල්ලු කරන් පුතුනේ)... කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට (තල්ලු කරන් පුතුනේ)...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs