Skip to content

Lyrics

සිංහල
වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද විහඟුන් කැල ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද රෝස පතක කවි ලීව්වේ සුවද දිදි තියාගන්න (මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනක දී ඇහෙන්න ... ) රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න (අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න ... ) වැහි දිය මහ බිම තෙමුවට .../

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs