Skip to content

Lyrics

සිංහල
රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින් තාරකා මල් ඇහිඳිනා කින්නරාවිය නිවන් ඇවිලෙනා සිතැඟි ඈ සිහිල් සඳ වතුරෙන් රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින් ලිය මඬුලු යහනේ සරා සඳ වැතිරිලා ... පුරා මී බිඳු පොපියනා රත් තඹර විල ස්වර්ණ හංසිය නිදිවරයි රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින් දුහුළු මඳ පවනේ තුරු ලතා මල් සළයි විහඟ වියවුල් නතර වූ සුසුම් උණුසුම් රෑ පුරා ඈ ඉකිබිඳී රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින් තාරකා මල් ඇහිඳිනා කින්නරාවිය නිවන් ඇවිලෙනා සිතැඟි ඈ සිහිල් සඳ වතුරෙන් රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්.....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs