Skip to content

Lyrics

සිංහල
මුරදේවතා නුඹයි හිමියනේ දිය ගොඩ අහස - ලත් බිම පියස සුරකින දෙ ඇස - නුඹමයි රහස මගෙ හිමියනේ මුරදේවතා නුඹයි හිමියනේ අව් වැසි රඳන - මහ වන ගහන රුදු රළ බිදෙන - සමුදුර ගගන රට ජාතියට - උවටැන් කරන මටත් මගෙ දූ පුතුන්ටත් ආඩම්බරයි නුඹ හිමියනේ රුපු ඔද බිදුම - පමණම නොවන මහ පිංකමකි - රට දැය රැකුම ගේ දොර අඩුව - ඉවසමි සොඳින මටත් මගෙ දූ පුතුන්ටත් ආඩම්බරයි නුඹ හිමියනේ

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs