Skip to content

Lyrics

සිංහල
මහ හිමයේ නදී තෙරක හිම පතනය රැඳුණු තැනක උණුසුම් වූ පොරෝනයක ගුලි වෙන්නට නිහඬ රැයක ඔබ එනවද - ඔබ එනවද මාත් එක්ක දියඹට තරු කැට වැටිච්ච හැන්දැවට ඉර ඉදිච්ච හදා ගන්න හිත තැලිච්ච කියන්න ගී පද නිවිච්ච ඔබ එනවද මාත් එක්ක වන විහඟුන් ගයන වයන උයනක මල් වලට ඇරුණ සොඳුරු වචන අමුණ අමුණ ඇවිදින්නට මුමුණ මුමුණ ඔබ එනවද මාත් එක්ක

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs