Skip to content

Lyrics

සිංහල
කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත් මගේ විජිතේ අහිමි වී මට මං ලැබූ දිනුමක් අත්ද ඔබ මා මැවූ සුන්දර සිහින මතකය මිසක්.. සිහින රැකගෙන දිවආවේ ආදරෙන් ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින් අපට අප නැති හෙට දිනක දුක අරන් හඬා කුමටද නොදරුවන් සේ ඉතින්.. කොහේ හෝ... සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින් සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින් සුභ අසුභපිරි සිහින විද තුන් සිතින් සදා හමුවෙමු මගතොටේ මදහසින්.. කොහේ හෝ...

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs