Skip to content

Lyrics

සිංහල
රෑ පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි බොල් පිනි මත ලා හිරු රැස් වැටිලා මැනික් ලෙසින් දිලිසේ මට බහ දුන් දා විලියෙන් ඇඹරුන මැනිකගෙ නෙත් විලසේ මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුලගේ ලෙලදෙනවා කුඹුකෙන් නාගෙන වරල විදා යන මැනිකෙව සිහිවෙනවා ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අතමිට අඩුපාඩු පලදන්නම් ගෙල මාල සවන් යුග ලෙලවමි රන් තෝඩු ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එලියක් එයි නෑනේ මේ කන්නයෙ බිම අස්වනු කැපුවම මැනිකෙත් එනවාලූ රෑ පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs