Skip to content

Lyrics

සිංහල
කළුවන් කළු රුවයි අප ගම මදින්නා මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා එන එන කැකුළු මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ නෑ බෑ නොකියා රා පොඩියක් දිදී මා සනසන්නේ රා පොඩියක් දිදී මා සනසන්නේ ගහින් ගහට අතුර දිගේ නගින්නා ළපටි කැකුළු මල් නෑරම තලන්නා මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා අනේ වාසනාවන් මේ මදින්නා මගෙ සුදු මාමේ... ළපටි රා තරුණ අපටයි බෙදන්නේ පැහුණු රා මහළු අයටයි ඔබින්නේ විනාකිරට ඉතුරු කොටස තබන්නේ අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ මගෙ සුදු මාමේ... කිතුල් මල් තපා තෙල් දිය බාන්නා රුහුණේ මී කිරට පැණි නිපදවන්නා රසැති කිතුල් පොල් හකුරුද හදන්නා ගමට කප්රුකක් මේ රා මදින්නා මගෙ සුදු මාමේ...

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs